හොන්ඩුරාස් හි 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ -දින 15කට ඇඳිරි නීතිය පැනවේ

හොන්ඩුරාස් හි 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ -දින 15කට ඇඳිරි නීතිය පැනවේ

මධ්‍යම ඇමරිකානු රටක් වන හොන්ඩුරාස් හි 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු එම ප්‍රදේශයට එරට ජනාධිපතිවරයා විසින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා

උපන්දින සාදයකට සහභාගි වූ පුද්ගලයන් 12 දෙනෙකු සහ තවත් එක් කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

ඇඳිරි නීතිය අවම වශයෙන් දින 15 ක් පුරා ක්‍රියාත්මක වන බවද විදෙස් මාධ්‍ය පවසනවා .

හොන්ඩුරාස් රජය එම ප්‍රදේශයට අමතර ආරක්ෂක නිලධාරීන් 1,000 ක් යවන බව සඳහන් කර තිබෙනවා

එමෙන්ම මෙම වෙඩි තැබීම්වලට වගකිව යුතු අය හඳුනාගෙන අල්ලා ගැනීමට උපකාරවන ලෙස ඉල්ලා ඇති අතර ඩොලර් 33,000 පමණ ත්‍යාගයක් පිරිනමන බවද එරට රජය දැනුම් දෙනවා

Share This