හොඳම අධ්‍යක්ෂණය සඳහා ඇකඩමි සම්මාන දිනූ William Friedkin ජීවිතක්ෂයට

හොඳම අධ්‍යක්ෂණය සඳහා ඇකඩමි සම්මාන දිනූ William Friedkin ජීවිතක්ෂයට

සම්භාව්‍ය ත්‍රාසජනක චිත්‍රපටයක් වන The Exorcist හි අධ්‍යක්ෂවරයා වන William Friedkin ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු මිය යන විට 87 වැනි වියේ පසුවුණා

William Friedkinගේ බිරිඳ Sherry Lansing ඔහු මියයාමෙන් පසු සඳහන් කර තිබෙන්නේ “ඔහුට අපූරු ජීවිතයක් තිබුණ බවත්, ලෝකයේ සිටි අපූරුම ස්වාමිපුරුෂයා මෙන්ම ලෝකයේ සිටි අපූරුම පියා බවත්”ය

ලොස් ඇන්ජලීස්හිදී William Friedkin මියගොස් ඇති අතර මරණයට හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේවෙතත් අධ්‍යක්ෂවරයා පසුගිය වසර කිහිපය තුළ සෞඛ්‍ය ගැටලුවලින් පෙළුණු බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ

William Friedkinගේ අනෙකුත් ප්‍රසිද්ධ චිත්‍රපට අතරට ත්‍රාසජනක චිත්‍රපටයක් වන The French Connection ද එක්වුණා

එම චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව ඇකඩමි සම්මාන පහක් ලැබී තිබීමද විශේෂත්වයක්

William Friedkin මිය ගියේ ඔහුගේ නවතම චිත්‍රපටය වන The Caine Mutiny Court-Martial චිත්‍රපටය අගෝස්තු 30 වැනි දින ආරම්භ වීමට නියමිතව තිබියදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එය වැනීසියේ සිනමා උළෙලේ තිරගත වීමට නියමිතව තිබුණා .

Share This