හොරෙන් ගෙනා “ඊ”දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

හොරෙන් ගෙනා “ඊ”දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධී ආකාරයෙන් ‍ගෙනා රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා ” ඊ” දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චොකලට් සහ සුවඳ විලවුන් ආනයනය කරන අතර ඒතුල සඟවා මෙම ඊ දුම්වැටි ආනයනය කර ඇතිබව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

මේවා 8000- 10000ත් අතර මිලකට අලෙවි කර ඇති අතර සැකකරු ළඟ තිබී ඊ දුම්වැටි 620ක් ද පොලීසිය සිය භාරයට ගත් බව වාර්තා වෙනවා.

වැල්ලවත්ත ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොකලට් අලෙවියේ යෙදෙන ස්ථානයක ඊ දුම්වැටි හොර රහසේ අලෙවි කරන බවට වැල්ලවත්ත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකල වටලීමකදී 34 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට බව පොලිසිය පැවසුවා.

Share This