හොරෙන් ගෙනා ලක්ෂ 13 හමාරක සිගරට් කටුනායක හිරවෙයි

හොරෙන් ගෙනා ලක්ෂ 13 හමාරක සිගරට් කටුනායක හිරවෙයි

රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද බාරයට ගෙන තිබෙනවා.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කන්තලේ ප්‍රදේශයේ පදිංචි , ඩුබායි හි වසර තුන හමාරක කාළයක්  විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කළ 48 හැවිරිදි අයෙක්.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ රෙදි සේදුම් කුඩු , චොකලට් සහ සුවද විළවුන් අඩංගු පෙට්ටි තුළ , ඒවා සඟවා ගෙනවිත් තිබුණා.

මෙහිදී විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 9,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 45 ක් සොයා ගත්තා.

 

Share This