හොර දොස්තරගේ සැත්කමෙන් දිවි අහිමි වූ අසල්වැසියාගේ මාස දෙකක බිළිඳා

හොර දොස්තරගේ සැත්කමෙන් දිවි අහිමි වූ අසල්වැසියාගේ මාස දෙකක බිළිඳා

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු විසින් සිදු කළ ශල්‍යකර්මයකින් මාස 2 හමාරක් වයසැති බිළිඳෙකු මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ශල්‍යකර්මයෙන් අනතුරුව සිදු වූ අධික රුධිර වහනය වීම හේතුවෙන් එම බිළිඳා මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ව්‍යාජ වෛද්‍යවරයා විසින් ශල්‍යකර්මය සිදු කිරීමෙන් පසුව බිළිඳා මියගිය බව මව්පියන්ට දැනුම් නොදී පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයාට එරෙහිව එරට අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇති අතර ඔහු වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටීම පිළිබඳව වෙනම පරීක්ෂණයක් ද පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Share This