හොර සල්ලි සමඟ පුද්ගලයෙකු කොටු

හොර සල්ලි සමඟ පුද්ගලයෙකු කොටු

රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු 06 ක් සන්තකයේ තබා ගෙන තඹුත්තේගම නගරයේ රැදී සිටි පුද්ගලයෙකු අද (25) පෙරවරුවේ තඹුත්තේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹුත්තේගම නගරයේ සැකසහිත පුද්ගල රැදී සිටින බවට ලද තොරතුරක් මත, අදාළ පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී මෙම ව්‍යාජ නෝට්ටු පොලීසියට හමු වී තිබුණා.

සැකකරු නොච්චියාගම අඹගහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසනවා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී තමාගේ මිතුරෙකු විසින් මෙම මුදල් ලබා දුන් බවයි ඔහු පවසා ඇත්තේ.

සැකකරු, තවත් පුද්ගලයකු හෝ කීපදෙනෙකු සමඟ එක්ව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඒවා සාමාන්‍ය මුදල් සමඟ හුවමාරු කිරීමේ ජාවාරමක නිරත වන බවට සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුකරන බවත් තඹුත්තේගම පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25) පස්වරුවේ තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොසොන් සමය හේතුවෙන් මෙලෙස ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර අනුරාධපුරයේ ඇතුළු ප්‍රධාන නගරවලදී සාමාන්‍ය මුදල් සමඟ හුවමාරු කර ඇතැයි සැකකරන බවත්, මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සාමාන්‍යය මුදල් නොට්ටුවට සමානව මුද්‍රණය කර ඇති බවත් මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා

Share This