
හොර හරක් 10 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස සොරකම් කරන ලද මී ගවයන් 10 දෙනෙක් අද (03) අලුයම් කාලේදී ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේදී පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය භාරයට ගන්නා අවස්ථාවේ එක් මී ගවයකු මිය ගොස් සිට ඇතිි අතර ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථය සහ ඊට සම්බන්ධ වෑන් රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමගින් අත්අඩංගුවට ගෙනගැනීමට පොලීසියට හැකිව තිබුණා.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අද දින ගාල්ල මහේස්ත්‍රාත්වයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අධිකරණ නියෝගය මත මී ගවයන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පොලිසිය කටයුතු කරනවා.