හොලිවුඩ් ලේඛකයන්ගේ මාස පහක වැඩ වර්ජනය අවසන්

හොලිවුඩ් ලේඛකයන්ගේ මාස පහක වැඩ වර්ජනය අවසන්

හොලිවුඩ් ලේඛකයින් මාස පහකට ආසන්න කාලයකට පසු අද(27) අලුයම ඔවුන්ගේ වර්ජනය අවසන් කර තිබෙනවා.

වෘත්තීය සමිති නායකයින් තහනම් නියෝගය ඉවත් කර වර්ජනය අවසන් කිරීමට ඒකමතිකව ඡන්දය ලබා දී ඇති බවයි අමෙරිකාවේ ලේඛක සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ

එහි සාමාජිකයින් 11,500ක් වැටුප් වැඩිවීම් සහ ආරක්ෂාව ලබාදෙන තුන් අවුරුදු ගනුදෙනුවක් අනුමත කරන්නේද යන්න පිළිබඳව ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ සඳහා වෙනම වැඩ වර්ජනයක සිටින නළුවන් සම්බන්ධ වනු ඇති බවද සඳහන්.

ලේඛකයන්ගේ පාගමන මැයි 2 වන දින ආරම්භ වූ අතර, එය දශක ගණනාවකට පසු හොලිවුඩයට බලපෑ දීර්ඝතම වැඩ වර්ජනය බවට පත් කරමින්, තිර නළු සංසදයේ හෙවත් Screen Actors Guild සාමාජිකයින්ද ජූලි 13 වන දින සම්බන්ධ වුණා.

ඔවුන් වැටුප් හා සිනමා කර්මාන්තයේ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය සම්බන්ධයෙනුයි මෙම වැඩ වර්ජනයක ක්‍රියාත්මක කළේ.

Share This