හෝලි උත්සවය  අතරතුර ජපන් කතට හිරිහැර කළ තිදෙනෙකු අත්අඩංගුවට

හෝලි උත්සවය අතරතුර ජපන් කතට හිරිහැර කළ තිදෙනෙකු අත්අඩංගුවට

හෝලි දිනයේ දී ඉන්දියාවේ දිල්ලි නුවරදී ජපන් කාන්තාවකට හිරිහැර කිරීම සහ අතවර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ජපන් තරුණිය මධ්‍යම දිල්ලියේ Paharganj හි නැවතී සිටි බවත්, ඇයට හිරිහැර කළ තිදෙනා ද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි.

හිංසනයට ලක්වූ කාන්තාව මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති අතර ඇය ඊයේ බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

බංග්ලාදේශයට පැමිණීමෙන් පසු ජපන් කාන්තාව ඇය ශාරීරික හා මානසික වශයෙන් හොද තත්ත්වයේ පසුවන බව සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය පවසන්නේ.

Share This