ළමුන් 66කට මරු කැඳවූ කැස්ස සිරප් අපනයනය කර ඇත්තේ ගැම්බියාවට පමණයි – නිෂ්පාදන සමාගම

ළමුන් 66කට මරු කැඳවූ කැස්ස සිරප් අපනයනය කර ඇත්තේ ගැම්බියාවට පමණයි – නිෂ්පාදන සමාගම

ආනයනික ඉන්දියානු කැස්ස සිරප් වර්ග හතරක් නිසා ගැම්බියාවේ සිදුවූවා යැයි සැකකෙරෙන ළමුන් 66 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදුකෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉන්දීය බලධාරීන් සහ කැස්ස සිරප් නිෂ්පාදකයා පවසා තිබෙන්නේ මෙම සිරප් අපනයනය කර ඇත්තේ ගැම්බියාවට පමණක් බවයි.

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම කැස්ස සිරප් වර්ග හතර සම්බන්ධයෙන් ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබුවා

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබෙන්නේ එම සිරප් වල රසායනාගාර විශ්ලේෂණවලට අනුව ඒවායේ පිළිගත නොහැකි රසායනික ද්‍රව්‍ය අඩංගු බවයි

ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන අපනයනය කිරීම සඳහා වියට්නාමය විසින් අසාදු ලේඛනගත කර ඇති ඉන්දියානු ඖෂධ සමාගම් 40 කට ආසන්න සංඛ්‍යාව අතර මෙම කැස්ස සිරප් නිෂ්පාදනය කළ සමාගමද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This