
ෆයිනස් ගසක් කඩා වැටීමෙන් ශ්‍රීපාද මාර්ගයේ ගමනා ගමන කටයුතු අඩාල වේ
විශාල ෆයිනස් ගසක් කඩා වැටීමෙන් හැටන් – බගවන්තලාව – මස්කෙළිය – බලංගොඩ – නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (09) උදෑසන 8.30 සිට අවහිර වී පවතින බව පොලීසිය පවසනවා.
එම ආරංචි මාර්ග පැවසුවේ ගස කඩා වැටී අත්තේ දික් ඔය වනරාජා වත්ත ප්‍රදේශයෙන් බවයි.
ගස කඩා වැටීමත් සමග ප්‍රධාන මාර්ගය අසල තිබූ අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට හා දුරකතන රැහැන් පද්ධතියකට ද හානි පැමිණ ඇතැයි අප වාර්තාකරු පැවසුවා.
මේ හේතුවෙන් විදුලි බල මණ්ඩලය පියවර ගෙන අත්තේ එම ප්‍රදේශයට සැපයෙන විදුලිය සැපයුම විසන්ධි කිරීමටයි.
හැටන් – දික් ඔය හරහා හමාගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ෆ්‍යිනස් ගස කඩා වැටී අති බව සඳහන්.
පසුව පොලීසිය සහ ඒ අවට වතු කම්කරුවන් එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු කරමින් එක් මංතීරුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
