ෆයිසර් එන්නත හමුදාව යටතට
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇති බව අද (30) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය කළා.
ඒ,පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින්.
පුත්තලම ඇතුළු ප්‍රදේශ කිහිපයක කොවිඩ් එන්නත්කරණයේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා හේතුවෙන් ජාතික කොවිඩ් මර්දන මධ්‍යස්ථානය මෙම තීරණයට එළඹ ඇති බවයි එහිදී සඳහන් වුණේ.