ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල් ගතවෙයි

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල් ගතවෙයි

ශ්වසන ආසාදනයක් හේතුවෙන් ඊයේ(29) ප්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල් ගතවී ඇති බව වතිකානු මාධ්‍ය වාර්තා කරනවා.

86 හැවිරිදි ශුද්ධෝත්තම පියතුමන්ට පසුගිය දිනවල හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවූ නිසා කොවිඩ් පරීක්ෂණයක් කළ ඇති අතර කොවිඩ් වැළදී නොමැති බවට තහවුරු කරගෙන තිබෙනවා.

වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ පාප්වහන්සේට දින කිහිපයක් රෝහල් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවන බවයි.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වසරේ කාර්යබහුලම කාලය මෙය වන අතර පාස්කු සතියට පෙර වැඩසටහන් සහ සේවාවන් කිහිපයක් ද සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This