‘ෆ්‍රෙඩීට’ බිළිවූ ජීවිත 14ක්

‘ෆ්‍රෙඩීට’ බිළිවූ ජීවිත 14ක්

‘ෆ්‍රෙඩී’ නිවර්තන සුළි කුණාටුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මැඩගස්කරයේ 7 දෙනෙකු සහ මොසැම්බික්හි 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

එක්සත් ජාතීන්ගේ නවතම තත්ත්ව වාර්තාවට අනුව ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව මැඩගස්කරයේ සහ මොසැම්බික්හි වැඩිවී තිබෙනවා.

“ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් සිදුවූ හානිය බලාපොරොත්තු වූ තරම් නොවූවත්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වන බවත්, යථා තත්ත්වයට පත්වීමට මාස කිහිපයක් ගතවනු ඇති බවත් මැඩගස්කරයේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පැස්කුවලිනා ඩි සිරියෝ BBC පුවත් සේවයට සඳහන් කරනවා

Share This