“ෆ්‍රෙඩී” නිසා මලාවියේ 200 කට වැඩි පිරිසක් මරුට – ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

“ෆ්‍රෙඩී” නිසා මලාවියේ 200 කට වැඩි පිරිසක් මරුට – ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

මාසයක් තුළ දෙවන වරටත් දකුණු අප්‍රිකාව හරහා හමා ගිය ෆ්‍රෙඩී නිවර්තන කුණාටුවෙන් පසු මලාවි හි පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා

මලාවි හි වාණිජ කේන්ද්‍රස්ථානය වන Blantyre හි බොහෝ මරණ වාර්තා වී ඇති අතර ළමුන්ද සිටින බවයි පැවසෙන්නේ

පවතින තත්ත්වය අනුව මලාවි හි කොළරාව පැතිරෙනු ඇති බවටද සහන ආයතන අනතුරු අඟවා තිබෙනවා.

කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දකුණු පළාතේ දිස්ත්‍රික්ක 10 ක ආපදා තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මඩ අතර සිරවී සිටින පුද්ගලයින් සොයා ගලවා ගැනීමේ සේවකයින් මෙහෙයුම් දියත් කර තිබෙනවා.

එම ප්‍රදේශයේ රෝහල් මෘත ශරීරාගාරයේ ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මළ සිරුරු මිහිදන් කිරීම සඳහා රැගෙන යන ලෙස නිලධාරීන් මියගිය අයගේ ඥාතීන්ගෙන් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා .

මෙම සිදුවීමෙන් 20,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව රජයේ ආපදා සහන ඒජන්සිය ප්‍රකාශ කරනවා

වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බැවින් මෙහෙයුම් කටයුතුවලට බාධා වීමෙන් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This