ෆ්‍රෙඩී සුළි කුණාටුව මලාවි වනසයි – 99කට ජීවිත අහිමි වේ

ෆ්‍රෙඩී සුළි කුණාටුව මලාවි වනසයි – 99කට ජීවිත අහිමි වේ

ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ ජීවත් වූ පුද්ගලයින් 99 දෙනෙකු අවම වශයෙන් මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා CNN පුවත් සේවය වෙත සඳහන් කර තිබෙනවා.

කොමසාරිස්වරයාගේ ප්‍රකාශයට අනුව බොහෝ මරණ සිදුවී ඇත්තේ මලාවි හි බ්ලැන්ටයර් නගරයේදී.

බ්ලැන්ටයර් හි පමණක් පුද්ගලයින් 134ක් පමණ රෝහල් ගත කර ඇති අතර, මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ද එරට ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා සඳහන් කර තිබුණා.

Share This