ෆින්ලන්තය නේටෝ සංවිධානයට එක් වෙයි

ෆින්ලන්තය නේටෝ සංවිධානයට එක් වෙයි

ෆින්ලන්තය අද (04) නේටෝ සංවිධානය සමග එක්වනවා.

බ්‍රසල්ස්හි පිහිටි නේටෝ සංවිධාන මූලස්ථානයේ දී ෆින්ලන්තය ධජය ඔසවා ඊට අදාල සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව නේටෝ සංවිධානය හා එක්වන 31 වන රට ෆින්ලන්තයයි .

සාමාජිකයන් 280,000ක් සහිත යුරෝපයේ විශාලතම කාලතුවක්කු අවි ගබඩාවක් ඇති බලවත් හමුදාවක් ෆින්ලන්තයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ස්වීඩනය මෙතෙක් නිල වශයෙන් නේටෝ සංවිධානය හා එක්වන බවට ප්‍රකාශ කර නොමැති අතර, ලබන ජූලි මාසය වනවිට ඔවුන් ද නේටෝ හා එක්වනු ඇති බවට මත පළ වනවා.

නේටෝ සංවිධානයේ එක් සාමාජිකයෙකුට පහර දීම “ඔවුන් සියල්ලන්ටම එරෙහි ප්‍රහාරයක් ලෙස සළකනු ලබන” බවද සඳහන්.

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය හමුවේ මෙලෙස ෆින්ලන්තය ද නේටෝ සංවිධානය හා එක් වීම විශේෂත්වයක්.

ඒ අනුව රුසියාවට එරෙහිව එකට එක්ව සිටින රටවල් සංඛ්‍යාව ද 31ක් වන බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.

Share This