ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුදා හැරීමට සූදානම්

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුදා හැරීමට සූදානම්

ජපානය සිය අසල්වැසි රටවල විරෝධය නොතකා සුනාමියට ගොදුරු වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ විකිරණශීලී ජලය පැසිෆික් සාගරයට මුදා හැරීම එළඹෙන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂකයා විසින් එම සැලැස්ම අනුමත කිරීමෙන් සති කිහිපයකට පසුව බවයි වාර්තා වන්නේ

2011 වසරේ ඇතිවූ සුනාමියෙන් බලාගාරය විනාශයට පත්වුණා

ජලය පෙරීම සහ තනුක කර වසර 30කට පසුව නිකුත් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කාලගුණය සහ මුහුදු තත්ත්වය සුදුසු නම්, අගෝස්තු 24 වන දින සිට බැහැර කිරීම ආරම්භ කිරීමට ක්ෂණිකව සූදානම් කරන ලෙස බලධාරීහු බලාගාරයේ ක්‍රියාකරුගෙන් ඉල්ලා සිටින බවයි ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා කැබිනට් රැස්වීමෙන් පසුව සඳහන් කර තිබෙන්නේ

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පසුගිය ඉරිදා බලාගාරයට ගොස් ඇති අතර, මුදා හැරීම ආසන්න බව එහිදී දැනුම් දී තිබෙනවා

ටෝකියෝ අගනුවරට ඊසාන දෙසින් 220km පමණ දුරින් රටේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බලාගාරය අක්‍රිය කිරීමේ හා වියදම් අධික ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස ජලය මුදා හැරීම අවශ්‍ය බවයි එරට රජය පවසා තිබෙන්නේ

ජපානය දශකයකට වැඩි කාලයක් තිස්සේ අපිරිසිදු ජලය ටැංකිවල එකතු කර ගබඩා කර තිබු බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This