
04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා අනුශූරයින් මහත් හරසර මැද දිවයිනට
ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි අතර ජයග්‍රාහී කණ්ඩායම ඇමතිවරයා පිළිගත්තේ මල් මාලා පළඳවමින්.
මෙම අවස්ථාවට තරගාවලියට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල්වල ඥාතීන් ද විශාල පිරිසක් පැමිණ සිටියා.
04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගැනීමට සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකාව තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගත්තා.
දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත් වීම බොහෝ දෙනාගේ අවදානයට ලක් වුණා.
මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග යි.









