10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි

10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙයි

10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා

ඒ අනුව පෙ.ව 9.55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වීමට නියමිතයි

අනතුරුව සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබනවා

එහිදී පළමුව කථානායකවරයා තෝරා ගැනීම සිදුවෙන අතර පසුව, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍තෝරා පත් කර ගැනීම සිදුකරනු ඇතී.

පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සදහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වනවා

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This