කොවිඩ් නිසා පැනවුණු සීමාවල වේදනාකාරී මතකය තවමත් පවතින මූල්‍ය මධ්‍යස්ථානය

කොවිඩ් නිසා පැනවුණු සීමාවල වේදනාකාරී මතකය තවමත් පවතින මූල්‍ය මධ්‍යස්ථානය

චීනයේ ෂැංහයි නුවරට පසුගිය මාස දෙකක කාලයක් තුළ පනවා තිබු අගුලු දැමීම පසුගියදා ඉවත් කළද එහි කම්පනය තවමත් පහව ගොස් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ මූල්‍ය මධ්‍යස්ථානය ලෙස හදුන්වනු ලබන ෂැංහයිහි පදිංචිකරුවන්ට අගුලු දැමීමේ වේදනාකාරී මතකය තවමත් අමතක කළ නොහැකි වී ඇති බැවින් නගරය නැවත විවෘත කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී හා වේදනාකාරී වී ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

නගරයේ මිලියන 25 ක පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙකු පසුගිය සතියේ මැද වන විට නිදහසේ සමාජයට පැමිණ ඇති බවත් සාප්පු සහ කාර්යාල ගොඩනැගිලි නැවත විවෘත කිරීමත් සිදුව ඇති බව එම වාර්තා වේ සදහන්.

එම CNN වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෝටර් රථ නැවත වීදිවලට පැමිණීම සහ උමං දුම්රිය සහ බස් රථ නැවත සිය සේවා ආරම්භ කර ඇති බවයි.

ෂැංහයි අගුලු දැමීම හේතුවෙන් ආහාර හිඟවීම් මෙන්ම හදිසි රෝගීන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ද ප්‍රමාදවීම් ද වාර්තා වුණා.

එහි ක්‍රියාත්මක වූ නිරෝධායනය තුළ කුඩා දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කර තැබීම වැනි සිදුවීම් වාර්තාවීම තුළ හටහත්තේ දැඩි ආන්දෝලනයක්.

කොවිඩ් සීමා කිරීම් සෑම අංශයකම පාහේ ව්‍යාපාර උඩු යටුකුරු කළ අතර ආර්ථිකයට දැඩි අහිතරකර බලපෑම් සිදුවුණේ බොහෝ ව්‍යාපාරවලට සිය නිෂ්පාදන තාවකාලිකව අත්හිටුවීමේ තත්වයක් ද ඇති කරමින්.

මේ වන විට ෂැංහයිහි අගුලු දැමීම් බොහෝදුරට ඉවත් කර ඇතත් ඇතැම් කොවිඩ් සීමා කිරීම් දෛනික ජීවිතයේ කොටසක් ලෙස පවතින බව එරට වාර්තාවල වැඩිදුරටත් සඳහන්

Share This