11වන තරගයේ ජය දඹුල්ලට

11වන තරගයේ ජය දඹුල්ලට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11වන තරගයේ ජය වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 09කින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Lyca’s Jaffna Kings කණ්ඩායම වන අතර ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව පන්දුවට පහර දුන් Dambulla Aura කණ්ඩායම ලකුණු 134ක් රැස් කළා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී සිටියදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Lyca’s Jaffna Kings කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

ඒ අනුව 11වන තරගයේ ජය Dambulla Aura කණ්ඩායමට හිමි වුණා.

එමෙන්ම මෙම සියලු තරග SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර තමිල් Fm හරහා තරගාවලියට සජීවීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.

මෙම තරගයේ ලකුණු සටහන පහතින්.

Share This