11 වන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ පළමු සම්මන්ත්‍රණය

11 වන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ පළමු සම්මන්ත්‍රණය

11 වන ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ පළමු සම්මන්ත්‍රණය Hong Kong නගරයේදී පැවැත්වුණා.

ඊයේ (19) සහ අද එම සම්මේලනය පැවැත්වුණු අතර 1966 වසරේදී පූජ්‍ය පිඹුරේ සෝරත හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සංවිධානය අද ලොව පුරා වැඩ වසන මහා සංඝ රත්නය නියෝජනය කරනවා.

මෙවර සංඝ සම්මේලනය සඳහා ශ්‍රී ලංකාවෙන් 25 නමක් පමණ වැඩමකර සිටි බව සඳහන්.

වසර හැටකට පෙර ලංකාවේදී ආරම්භවීම සිහිපත් වීමටත් සමග මෙම සංවිධානයේ ප්‍රධාන සම්මේලනය ලබන වසරේදී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

දිවියගහ යසස්සි නාහිමි, පරවහැර චන්ද්‍රරතන නාහිමි, කටුගස්තොට උපරතන නාහිමි සහ කැලණිය විහාරාධිපති හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මේ සඳහා සහභාගී වුණා.

Share This