පාකිස්ථානයේ කාන්තාවන් පැහැර ගැනීම ඉහළට

පාකිස්ථානයේ කාන්තාවන් පැහැර ගැනීම ඉහළට

පාකිස්ථානයේ කාන්තාවන් හා ගැහැණු දරුවන් පැහැරගෙන යාමේ සිද්ධීන් වාර්තා වීම මේවනවිට ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊට ආසන්නතම සිදුවීම් 03 ක් සින්ද් පළාතෙන් වාර්තා වී තිබෙනවා.

එලෙස පැහැර ගත් ගැහැණු ළමුන් දෙදෙනාගෙන් එක් අයෙකු 14 හැවිරිදි වියේ පසුවන හින්දු ආගමික දැරියක වූ අතර ඇය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අනෙක් ගැහැණු දරුවා වෙළඳසැලකට ගොස් යළි සිය නිවෙස බලා යමින් සිටියදීයි පැහැර ගැනීමට ලක්ව ඇත්තේ.

මේ අතර සින්ද් පළාතේ Mirpurkhas ප්‍රදේශයේදී ද කාන්තාවක් පැහැර ගෙන ගොස් ඇති අතර එලෙස පැහැර ගැනීමට ලක්වූ කාන්තාව දරුවන් තිදෙනෙකුගේ මවක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පැහැර ගැනීමට ලක්වූ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් ඒ සම්බන්ධයෙන් Mirpurkhas පොලිසියට පැමිණිලි කිරීමට උත්සහ කර ඇතත් පොලීසිය විසින් පැමිණිල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

Share This