බ්‍රසල්ස් නුවර පිහි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙක් මරුට

බ්‍රසල්ස් නුවර පිහි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙක් මරුට

බ්‍රසල්ස් නුවර පිහි ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

බ්‍රසල්ස් නෝර්ත් දුම්රිය ස්ථානය ආසන්නයේදී ප්‍රහාරයට ලක්වීමෙන් පසු මෙම නිලධාරීන් දෙදෙනා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ද එම ස්ථානයේදීම වෙඩි වැදීමෙන් පසු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ

ප්‍රහාරකයාගේ අරමුණ නොදන්නා නමුත් ත්‍රස්ත මර්දන නිලධාරීන් පවසන්නේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රහාරයට ලක්වීමට පෙර එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This