අවුරුදු 12 ට අඩු දරුවන්ට කොරෝනා එන්නත් ලබාදීමට අදාළ නිර්දේශ එළඹෙන සතියේදී (වීඩියෝ)
වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට අදාළ නිර්දේශ එළඹෙන සතියේදී ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ඡන්න ජයසුමන මහතා පවසනවා.
මේ අතර, දින හතරක් තුළදී පමණක් මෙරටින් වාර්තාවන දෛනික මරණ සංඛ්‍යාව 100 යේ සිමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මෙරටින් වාර්තාවන දෛනික මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරමින් ගෙවුණු දින හතර තුළදීම 30 ඉක්ම වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා.
ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 31 ක්.
ඒ අනුව ගෙවුණු දින හතර තුළදී පමණක් මෙරටින් දෛනිකව තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.