ප්‍රංශ ජනපති ජර්මන් සංචාරය කල්දමයි

ප්‍රංශ ජනපති ජර්මන් සංචාරය කල්දමයි

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සිය ජර්මන් සංචාරය කල් දමා තිබෙනවා.

ඒ, ප්‍රංශය පුරා මෙම දිනවල පැවැත්වෙන විරෝධතා සැලකිල්ලට ගනිමින්.

එරට පොලිස් නිලධාරියෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියයාමේ සිද්ධියත් සමග ඊට එරෙහිව එරට පුරා විරෝධතා ක්‍රියාත්මක වුණා.

විරෝධතා පාලනය කිරීම සදහා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද එරට ආරක්ෂක අංශ පියවර ගත්ත ද එය නොතකමින් තවදුරටත් විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This