15% ක් 20% ක් අතර පවතින මෙරට ඖෂධ නිෂ්පාදනය 50% දක්වා ගෙන ඒම 2023 වසරේ ඉලක්කයයි – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල –

15% ක් 20% ක් අතර පවතින මෙරට ඖෂධ නිෂ්පාදනය 50% දක්වා ගෙන ඒම 2023 වසරේ ඉලක්කයයි – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල –

මේ වනවිට 15% ක් 20% ක් අතර පවතින මෙරට ඖෂධ නිෂ්පාදනය 50% දක්වා ගෙන ඒම 2023 වසරේ ඉලක්කය බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ වෙනුවෙන් දේශිය නිෂ්පාදකයින්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක වෙමින්.

අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දීය ණය පහසුකම් යටතේ ඖෂධ ගෙන්වීම පූර්ණ කැබිනට් අනුමැතියකින් සහ ඉහළ විනිවිදභාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සිදුවන්නක් බවයි.

Share This