15,000කට නිවාස අහිමි කළ ගින්න සැළසුම් සහගත ක්‍රියාවක්

15,000කට නිවාස අහිමි කළ ගින්න සැළසුම් සහගත ක්‍රියාවක්

මාර්තු 5 වන දින බංග්ලාදේශයේ රෝහින්ග්‍යා කඳවුරේ ඇති වූ ගින්නට හේතුව “සැලසුම් සහගත සහ අරමුණු සහිත කඩාකප්පල්කාරී ක්‍රියාවක්” බව ඒ පිළිබඳව විමර්ශනය කළ කණ්ඩායම් පවසා තිබෙනවා

එම ගින්නෙන් රෝහින්ග්‍යා සරණාගතයින් 15,000කට නිවාස අහිමි වූ අතර නවාතැන් 2,800 ක් පමණ විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කඳවුරුවල ආධිපත්‍යය ලබා ගැනීම සඳහා සටන්කාමී කණ්ඩායම් ගින්න ආරම්භ කර ඇති බවයි පරීක්ෂණ මෙහෙයවන රජයේ නිලධාරියා පවසා ඇත්තේ

ජීවිත හානි කිසිවක් සිදු නොවූ නමුත් ගින්න නිවෙස් පුරා පැතිර ගිය අතර කොක්ස් බසාර් කඳවුරේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රධාන යටිතල පහසුකම්වලට,පාසල්, වෛද්‍ය සායන සහ සේවා ස්ථානවලට ඉන් හානි සිදු වූ බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ගින්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පිහිටුවන ලද සත් පුද්ගල කමිටුව විසින් ඇසින් දුටු සාක්ෂිකරුවන් 150කගෙන් සාක්ෂි විමසා සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියන්මාරයෙන් පලා ආ මිලියනයකට අධික සරණාගතයින් කොක්ස් බසාර් හි වාසය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This