මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරු සහ කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරු සහ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් සහ ජාවාරමට සැකපිට අදාළ ත්‍රිරෝද රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 80 මිලිග්‍රෑම් 100 ක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රජමල්වත්තේ චාමර නැමැත්තාගේ දැනුම් දීම අනුව ලබාගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 37ක් වයසැති බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරු අවුරුදු 39ක් වයසැති බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බව සඳහන්.

Share This