ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි 33 දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි 33 දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් උතුරු ගාසා තීරයේ සරණාගත කඳවුරක කාන්තාවන් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

හමාස් සංවිධානයේ බලධාරීන් පැවසුවේ නිවාසවලට හානි සිදුවීමෙන් 85කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවයි

Beit Lahia ආසන්නයේ, ඉන්දුනීසියානු රෝහලට ඊශ්‍රායල හමුදා වෙඩි තැබීම් එල්ල කර ඇති බවයි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා වත්තේ

එම අවස්ථාවේ රෝගීන් 40 කට වැඩි පිරිසක් මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලය ද රෝහල තුළ සිට ඇති අතර “විදුලිය ඇනහිටීම” සහ “වෛද්‍ය සැපයුම්” නොමැතිකම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියා සිටියේ තම හමුදා රෝහල ආසන්නයේ ක්‍රියාත්මක වන අතර එයට සැලසුම් සහගත වෙඩි තැබීමක් සිදු නොකල බවයි

Share This