19කට මරු කැඳවමින් ටැන්සානියාවේ සිදුවූ ගුවන් අනතුරට හේතුව හෙළිවේ

19කට මරු කැඳවමින් ටැන්සානියාවේ සිදුවූ ගුවන් අනතුරට හේතුව හෙළිවේ

ටැන්සානියානු මගී ගුවන් යානයක් බුකෝබා වැව ආසන්නයේ පිහිටි නගරයට ගොඩබෑමට තැත් කිරීමේදී වික්ටෝරියා විලට කඩා වැටීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගියේ පසුගිය නොවැම්බර් මාසයේ දීයි

ටැන්සානියාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වු අතර ඒ අනුව පරීක්ෂණයක් පවත්වා තිබෙනවා .

ඒ අනුව සිදුකළ පරීක්ෂණ වාර්තාවක සඳහන් වන්නේ ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ පද්ධතියේ අනතුරු ඇඟවීම්වලට අවනත වීමට නියමුවන් අසමත් වී ඇති බවයි.

යානයේ පුද්ගලයින් 43 දෙනෙකු සිට ඇති අතර 24 දෙනෙකු දිවි ගලවා ගැනීමට සමත්වුණා

මියගිය අය අතර ගුවන් නියමුවන් දෙදෙනාද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share This