
19න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාව හිමි කරගනී
ICC 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (02) සමත් වුණා.
තරගය ක්වාලාලාම්පූර් හිදී දකුණු අප්රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු අතර එහිදී කාසියේ වාසියේ දිනූ දකුණු අප්රිකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 82ක් ලබා ගත්තා.
ජයග්රාහී ඉල්ලකය හඹා ගිය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 2ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්රහණය වාර්තා කිරීමට සමත් වුණා.
මීට පෙර පැවති 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ද ඉන්දීය කණ්ඩායමයි.