1941 සහ 2025 දින දර්ශන ගැලපීම ලෝකයට බලපායි ද?

1941 සහ 2025 දින දර්ශන ගැලපීම ලෝකයට බලපායි ද?

මෙම අද්භූත අහඹු සිදුවීමක් ලෙස එකම දින දර්ශනයක් 2025 වසර සහ 1941 වසර අතර ගැලපීම මේ වන විට ලෝකයේ බොහෝ දෙනා අතර කතා බහක් අති කිරීමට හේතු වී තිබෙනවා.

1941 වසරේ ජනවාරි මාසය ආරම්භ වන්නේ බදාදා දිනයකින් වන අතර 1941 වසර ආරම්භ වන්නේ ද බදාදා දිනයකින්.

ඉතිහසය නැවත – නැවත සිදුවෙමින් පවතී යන අදහසට අනුව 1941 වසර තුළ ඇතිවූ නරක සිදුවීම් 2025 වසර තුල ද ලෝකය තුල ඇති වන බවට ඇතැමුන් තුල විශ්වාසයක් පවතිනවා.

1941 යනු ලෝකය යුද්ධයට තල්ලු කරන ලද වසර වූ අතර, පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වූ වසර වන්වා.

එබැවින් ස්වාභාවිකවම, ඇතැමුන් කල්පනා කරන්නේ ඉතිහාසය නැවත නැවත සිදුවීමේ අද්දර සිටිය හැකිද? යන ප්‍රශ්නය මතු කරමින්.

බොහෝ ඉතිහාසඥයින් සහ විද්‍යාඥයින් දින දර්ශන ගැලපීමේ සැබෑ පුරෝකථන වටිනාකමක් නැතැයි බැහැර කළද, මෙම න්‍යාය නිසැකවම බොහෝ දෙනාගේ නොසන්සුන්තාවයට හේතු වී තිබෙනවා.

ස්වාභාවිකවම, සමාජ මාධ්‍ය මේ සදහා සක්‍රිය දායකත්වයක් දක්වන බවක් පෙනෙන්නට තිබෙනවා.

සමහරු විශ්වාස කරන්නේ 2025 සහ 1941 ගැලපීම අවුල් සහගත හා ලේ වැගිරීම් පිළිබිඹු කළ හැකි බවට ලකුණක්, අනතුරු ඇඟවීමක් බවයි.

1941 දෙසැම්බර් 7 වන දින ජපානය පර්ල් වරායට පහර දුන් අතර, ඇමරිකානුවන් 2,400 කට වැඩි පිරිසක් මරණයට පත්ව එක්සත් ජනපදය යුද්ධයට තල්ලු කරනු ලැබුවා.

එම තනි ක්‍රියාව අවසන් වූයේ ලොව පුරා මිලියන 70 කට වඩා ජීවිත බිලිගත් ගැටුමක් දක්වා උත්සන්න වීමෙන්.

1941 සහ 2025 යන වසර දෙකම අධික වර්ෂ නොවන අතර, එයින් අදහස් වන්නේ ඒවාට දින 365 ක් ඇති බවයි.

ග්‍රෙගෝරියානු දින දර්ශනයට අවුරුදු 400 ක චක්‍රයක් ඇති අතර, සතියේ එකම දිනයේ ආරම්භ වන අධික වර්ෂවල පුනරාවර්තනය වන සතියේ දින රටාව බොහෝ විට සිදුවිය හැකි බව ගණිතඥයින් පවසනවා.

2025 දින දර්ශනය 1941 දින දර්ශනයට ගැලපෙන්නේ මේ අනුවයි.

සැලකිය යුතු ඓතිහාසික සිදුවීම් සහිත වසරක් වන 1941, එහි දින දර්ශනය 2025 සමඟ සැසදීම සිත්ගන්නා සුළු කරුණක් වුවද, මෙය අහම්බයක් මෙන්ම කිසිදු ඓතිහාසික පුනරාවර්තනයක් අදහස් නොකරන බවට විද්වත් මතය වී තිබෙනවා.

 

Share This