199 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රකාශයක්

199 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රකාශයක්

පලස්තීනුවන් මිලියනයක් පමණ උතුරු ගාසා තීරයෙන් දකුණට පලා ගොස් ඇතැයි විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම ඊශ‍්‍රායලයේ ගොඩබිම් ප‍්‍රහාරයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි නිලධාරීන් සඳහන් කරන්නේ

මේ අතර හමාස් සංවිධානය විසින් 199 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා

එය ඊයේ (15) ලබා දුන් සංඛ්‍යාවට වඩා 44 ක වැඩිවීමක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් සංවිධානය ඊජිප්තුව සමග ඇති රෆා දේශසීමා හරහා ආධාර ලබා ගැනීම සඳහා සටන් විරාමයක් ක්‍රියාත්මක වූ බවට කලින් පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

විශාල ජනතාවක් දේශසීමා ගේට්ටු අසලට රැස්ව සිටින බවද සඳහන්

අමෙරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික ඇන්ටනි බ්ලින්කන් අරාබි රටවල් අතර සංචාරය කරමින් දින කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලින් පසු රැස්වීම් සඳහා
යළිත් ඊශ්‍රායලයට පැමිණ තිබෙනවා

ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔහු ජෙරුසලමේ නායකයින් හමුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

ඔහු ටෙල් අවිව් වෙත ගියේ ඊශ්‍රායලයට අමෙරිකාවේ සහය පෙන්වීම සඳහා වන අතර පසුව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා දිගටම කරගෙන යාමට අරාබි රාජ්‍ය හයකට යනු ලැබුවා

එමෙන්ම ආරාධනයක් ලැබීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉදිරි දිනවලදී ඊශ්‍රායලයට පැමිණෙනු ඇතැයි අනුමාන කෙරෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This