1990 සුවසැරියට නව සභාපතිවරයෙක්
1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබෙනවා
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (06) ජනාධිපති කාර්යාලයේදී ලබා දුන්නා
ඒ අනුව සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක මහතාද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා යන මහත්වරුද අදළ පත්වීම් ලිපි ලබා ගෙන තිබෙනවා