කොළඹින් ගිය නැවක් කේරළයේදී ගිනිගනී.

කොළඹින් ගිය නැවක් කේරළයේදී ගිනිගනී.

කොළඹින් පිටත්ව මුම්බායි දක්වා ගමන් කළ බහාළුම් නෞකාවක් පිපිරිමක් හේතුවෙන් කේරළ වෙරළට ඔබ්බෙන් ගිනිගෙන තිබෙනවා.

ඉන්දීය එන්.ඩී.ටී.වී. ප්‍රවෘත්ති පැවසුවේ මීටර් 270 ක් දිග මෙම යාත්‍රාව ජූනි මස 07 වැනිදා කොළඹින් පිටත්ව ,අද (10) මුම්බායි වෙත ලගාවීමට නියමිතව තිබුණා.

සිංගප්පූරු ධජය සහිත MV Wan Hai 503 දරණ මෙම බහාලුම් නෞකාවේ පිපිරුමක් සිදුවූ බව ආරක්ෂක සේවා පැවසුවා.

මෙම පිපිරීම පිළිබඳව මුම්බායි හි සමුද්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් කොචි හි ඔවුන්ගේ සහයකයන්ට පවසා ඇත්තේ පෙරවරු 10.30 ට පමණයි.

ඉන්දියානු නාවික හමුදාව කොචි හි නැව්ගත කිරීමට නියමිතව තිබූ INS සූරත් නෞකාව ක්ෂණික සහාය ලබා දීම සඳහා හරවා යැවූ බව එරට ආරක්ෂක අංශ පැවසුවා.

තත්ත්වය තක්සේරු කිරීම සහ සහාය සම්බන්ධීකරණය කිරීම සඳහා කොචි හි අයි.එන්.එස්. ගරුඩා නාවික ගුවන් කඳවුරෙන්ඩ්‍රෝනර් ගුවන් යානා වක් යැවීමට ද සැලසුම් කර තිබේ‌.

Share This