2014 දී මෙක්සිකෝවේ අතුරුදන් වූ සිසුන් 43ක් ගැන විමර්ශන නවතියි ?

2014 දී මෙක්සිකෝවේ අතුරුදන් වූ සිසුන් 43ක් ගැන විමර්ශන නවතියි ?

මෙක්සිකෝවේ ග්‍රාමීය ගුරු විද්‍යාලයක සිසුන් 43 දෙනෙකු 2014 වසරේ දී අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් ප්‍රකාශ කර ඇත්තේ අත්‍යවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශය ලබා දීමට රජය අපොහොසත් වීම නිසා ඔවුන් සිය විමර්ශනයෙන් ඉවත් වන බවයි.

නිරිතදිග නගරයක් වන ඉගුවාලා හි සංචාරයකදී අතුරුදහන් වූ සිසුන්ගේ අතුරුදහන් වීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නීතිවේදීන් සහ වෛද්‍යවරුන්ගේ කමිටුවක් වන ස්වාධීන විශේෂඥයින්ගේ අන්තර් විනය විශේෂඥ කණ්ඩායම (GIEI) මෙක්සිකෝවේ රැඳී සිටිනවා

නමුත් ඔවුන්ගේ අවසන් කරුණු සෙවීමේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු විශේෂඥයින් සඳහන් කර ඇත්තේ විමර්ශනයෙන් ඉවත් වී ලබන සතියේ රට හැර යන බවයි

මේ අතර තම රජය පරීක්ෂණ දිගටම කරගෙන යන බව එරට ජනාධිපති Andrés Manuel López Obrador පවසා සිටිනවා

Ayotzinapa හි ගුරු විද්‍යාලයක සිසුන්, 2014 සැප්තැම්බර් 26 වන දින, මෙක්සිකෝ නගරයේ විරෝධතාවයකට සහභාගී වීමට නිරිතදිග ඉගුවාලා නගරය හරහා ගමන් කරමින් සිටියදී අතුරුදහන් වුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share This