2016 දී බෝම්බ පිපිරීම්වලට අදාළව 6ක් වැරදිකරුවන් බවට බ්‍රසල්ස් අධිකරණයෙන් තීන්දුවක්

2016 දී බෝම්බ පිපිරීම්වලට අදාළව 6ක් වැරදිකරුවන් බවට බ්‍රසල්ස් අධිකරණයෙන් තීන්දුවක්

ත්‍රස්තවාදී මිනීමැරුම් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු වැරදිකරුවන් බවට බ්‍රසල්ස් අධිකරණයක් විසින් තීරණය කර තිබෙනවා

ඒ 2016 වසරේදී මාර්තු මාසයේ දී බ්‍රසල්ස් නගරයේ ගුවන් තොටුපලේ සහ මෙට්‍රෝ ස්ටේෂන් එකක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් වසර හතකට වැඩි කාලයකට පසුවයි මෙලෙස වැරදිකරුවන් බවට එරට අධිකරණය විසින් තීන්දු කර තිබුණේ

දීර්ඝ නඩු විභාගයකින් සහ දින 19ක ජූරි සාකච්ඡාවලින් පසුව, බ්‍රසල්ස්හි උසාවිය මෙම තීන්දුව ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Zaventem ගුවන් තොටුපළේ පිටත්වීමේ ශාලාවේ ප්‍රතිවිරුද්ධ බෝම්බ දෙකක් පුපුරා ගිය අතර, ඉන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා

ඉන්පසුව, පැයකට මඳක් වැඩි කාලයකට පසුව, බ්‍රසල්ස් හි යුරෝපීය කාර්තුවේ, යුරෝපා සංගම් ආයතනවලට ආසන්නයේ, මැල්බීක් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ දුම්රියක තවත් පිපිරීමක් සිදුවූ බවයි විදෙස් මාධ්‍ය මිට පෙර වාර්තා කරනු ලැබුවේ .

එම බෝම්බ ප්‍රහාරයෙන් තවත් 16 දෙනෙක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලැබුවා

Share This