2020 පැවති මැතිවරණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා

2020 පැවති මැතිවරණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 මැතිවරණයේදී ඡන්ද වංචා කරමින් ඒ පිළිබඳව කුමන්ත්‍රණය කළ බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

මැතිවරණය වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම, සාක්ෂිකරුවෙකුට හානි කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට එරෙහිව කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අතර ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර සමාජ මාධ්‍යවල ඔහු මෙම නඩුව හඳුන්වා ඇත්තේ හාස්‍යජනක ක්‍රියාවක් ලෙසටයි .

රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සහ අසභ්‍ය තරුවකට මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන්ද ඔහුට දැනටමත් චෝදනා එල්ල වී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (03) වොෂින්ටන් හි අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This