2023 උසස් පෙළ විභාගය මෙම වසර අවසානයේ පැවැත්වීමට සැලසුම්

2023 උසස් පෙළ විභාගය මෙම වසර අවසානයේ පැවැත්වීමට සැලසුම්

2023 වර්ෂයට අදාළව අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙම වසර අවසානයට පෙර පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2024 වසරේ මුල් කාර්තුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අද (07) පාර්ලිමේන්ත-ුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ.

අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර එය අවසන් වූ වහා ම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂණය ආරම්භ කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම විභාග සංවිධාන කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි සිදු කරන අතර සාමාන්‍ය පෙළ ඇතුළු වෙනත් විභාග අපේක්ෂකයන්ගේ තොරතුරු බාහිර පාර්ශ්වයකට ලබා දීම අත්හිටුවන ලෙස සියලු ම පළාත් හා කලාප කාර්යාලවලට දැනුම් දෙන බවයි.

ඒ අනුව සිසුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩසටහන් සංවිධානය කරගැනීම වෙනත් බාහිර පාර්ශ්වයක මැදිහත්වීමක් නොමැති ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සමග එක්ව අමාත්‍යාංශයට පාසල් පද්ධතිය තුළ දීම එම කටයුතු ස්වාධීනව සිදු කරගත හැකි බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ

Share This