2023-2025 ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙබරවාරියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතියට

2023-2025 ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙබරවාරියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතියට

2023-2025 ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බව විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ ජාතික කේන්ද්‍රීය නිලධාරී ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (10) ශ්‍රී ලංකාවේ 3 වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023 -2025) නිර්මාණය කිරීම සඳහා වන පළමු බහු පාර්ශවීය වැඩමුළුව අමතමින්

එමෙන්ම, මෙම වැඩමුළුවේ දී මතු වූ අදහස් වැඩිදුරටත් විශ්ලේෂණය කර නිශ්චය කිරීම සඳහා රජය සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡා මාලාවක් ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි ඇය එහිදී පැවසුවේ

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

2011 වර්ෂයේ ආරම්භ කරන ලද විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් 75ක් මෙන්ම ප්‍රාදේශීය පාලන 104 ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් සම්බන්ධ වී කටයුතු කරන බව සඳහන්.

Share This