2023 ජයග්‍රහණයේ වසරයි -යුක්‍රේන ජනපති

2023 ජයග්‍රහණයේ වසරයි -යුක්‍රේන ජනපති

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කර වසරක් පිරීම නිමිත්තෙන් සහ මිය ගිය සහ තුවාල ලැබූවන් සිහි කිරීම වෙනුවෙන් එක්සත් රාජධානිය විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුධ ගැටුමේදී අවම වශයෙන් සොල්දාදුවන් 100,000 ක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් විසින් යුක්‍රේනය සන්නද්ධ කිරීම සඳහා වේගයෙන් කටයුතු කරන ලෙස G7 රැස්වීමකදී මිත්‍ර පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටීමටද නියමිතව තිබෙනවා.
මේ අතර, 2023 වසර රුසියාවට එරෙහිව ජයග්‍රහණය කරන වසර බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සඳහන් කර තිබෙනවා

Share This