2023 වසරේ ධාන්‍ය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර අවදානයක්

2023 වසරේ ධාන්‍ය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර අවදානයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2023 වසර ජාත්‍යන්තර මෙනේරි වර්ෂය ලෙස නම් කර තිබෙනවා.

ඉන්දියාවේ මගපෙන්වීම හා මූලිකත්වය මත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම පියවර ගෙන ඇති බවත් දේශීය සහ විදේශීය වශයෙන් පෝෂ්‍යදායි ධාන්‍ය ප්‍රවර්ධනය සඳහා ඉන්දියාව කටයුතු කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

සාර්ථක හා වාර්තාගත මෙනේරි අස්වැන්නකට හිමිකම් කියන ඉන්දියාව සිය නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත කිරීමට මේවනවිටත් වැඩසටහන් ආරම්භ කර තිබෙන අතර එම වැඩසටහන් විදෙස් රටවල පිහිටි තානාපති කාර්යාල හරහා ප්‍රචලිත කරමින් තිබෙන බවද එම වාර්තා මගින් සඳහන් කරනවා.

ඉන්දීය රජය පවසන්නේ ලොව පුරා ජනතාවගේ පෝෂණය හා සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිත කිරීම කිරීම මෙහි අරමුණ බවයි

මෙනේරි භෝහය ප්‍රචලිත කිරීම සඳහා මෙවර ඉන්දියාව සභාපතිත්වය දරණ G 20 කණ්ඩායමේ සෑම හමුවකදීම සහ උත්සවයකදීම මෙනේරි ආශ්‍රිතව සැකසූ ආහාරයක් පිළිගන්වන බවද ඉන්දීය මාධ්‍ය පවසනවා.

 

Share This