2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්

2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්

2024 යල කන්නයට අදාළව ගංවතුර ,නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා

මේ වන විට 80%කට ආසන්න මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇති අතර ලබන 05වනදා වන විටදී සියලුම දිස්ත්‍රක්කවලට වගා හානි ගෙවීමටත් ඉතිරි ගොවීන් සියලු දෙනාටම අදාළ දිනය වන විට වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇති බව සඳහන්

වන්දි මුදල් ඉතාම ප්‍රවේසම් සහිතව හා විනිවිද ගෙවීමට කටයුතු සලසා ඇති අතර එම වන්දි මුදල සෘජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමටයි පියවර ගෙන ඇත්තේ

මේ අතර 2024/2025 මහ කන්නයට අදාළ වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වනවිට ගෙවීමට ද කටයුතු යොදා තිබෙනවා

Share This