2024 යල කන්නයේ වන්දි ගෙවීම් 90%ක් අවසන්
2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
ඒ අනුව නිර්දේශිත වූ ගොවීන්ට හිමි වන්දි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ.
ඒ යටතේ මේ වනවිට ගොවීන් 6,459 දෙනෙකු සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් නිදහස් කර ඇති බව සඳහන්.
වගා හානි නිර්දේශිත වීමෙන් පසු වන්දි මුදල් ගිණුම්ගත නොවූ ගොවීන් සිටී නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට ඔවුන්ට අවකාශ පවතිනවා.
ගෙවා අවසන් නොකළ දිස්ත්රික්වල වන්දි මුදල කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළා.