2024 වසරේ රුපියල් මිලියන 28,158කට අධික මත්ද්‍රව්‍ය සහ මත්පෙති නාවික හමුදාව භාරයට
2024 වර්ෂය තුළ නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 28,158කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය සහ මත්පෙති සිය භාරයට ගෙන තිබෙනවා.
මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ කලාපීය සමුද්‍රීය පාර්ශ්වකරුවන් සමග එක්ව සිදුකරනු ලැබූ එම මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරම්, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීතිවිරෝධී කටයුතුවක නිරත වූ විදෙස් ජාතිකයින් 407 දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
CLEAN SRI LANKA ජාතික වැඩසටහනට සමගාමීව මෙරට සාගර කලාපය ඔස්සේ සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඬපවත්වා සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කර, සාගරය ඔස්සේ සිදු කරන ආර්ථික කටයුතු සුරක්ෂිතව සිදු කිරීම සඳහා අවශ්‍ය අපේක්ෂාවන් සාක්ෂාත් කර ගෙනීම සඳහා නව උපායමාර්ගික සැලැස්මක් සහිතව 2025 වර්ෂයේදී ද අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි නාවික හමුදාව පැවසුවේ.