
2024 වර්ෂයේ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්
ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා පවසනවා.
2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායම් අවාසි සහගත තත්ත්වයන් පාලනය කිරීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ප්‍රගතිය ලබාගත හැකි වූ බවද ඒ මහතා ප්‍රකාශ කළ බව සඳහන්.
එමෙන්ම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය කාලපරිච්ඡේදය තුළ පැවති කෘෂිකර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්‍රගතියක් ලබාගැනීම ජයග්‍රහණයක් බවයි.