2025 චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ නව තේමාව සහ ලාංඡනය එළිදැක්වේ

2025 චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ නව තේමාව සහ ලාංඡනය එළිදැක්වේ


2025 වසරේ ජනවාරි මස පැවැත්වෙන චීන වසන්ත උත්සවය සඳහා, එහි ප්‍රසංගයේ තේමාව සහ නිල ලාංඡනය එළිදැක්වීම චීන මාධ්‍ය සමූහයේ මූලිකත්වයෙන් අද(29) සිදු කෙරිණ.

2025 වසරේ වසන්ත උත්සවය හෙවත් චීන සාම්ප්‍රදායික සර්පයාගේ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ‍ චීන මාධ්‍ය සමූහය පවත්වන මෙම රාත්‍රී ප්‍රසංගය ” සර්පයාගේ වසර, ඔබේ ආත්මය අවදියෙන් තබා ගන්න. ” යන තේමාවට අනුව ලොව පුරා ප්‍රේක්ෂකයන් සමග එක්ව වසන්ත උත්සවය සමරනු ඇති.

එළඹෙන වසන්ත උත්සව ප්‍රසංගයේ ලාංඡනයෙහි ප්‍රධාන දෘශ්‍ය සංකේතය ලෙස ” සර්පයා ” යන අර්ථය ඇති “巳” අක්ෂරය භාවිත කෙරෙන අතර ඒ අනුව “巳” අක්ෂර දෙකක එකතුවෙන් චීන සාම්ප්‍රදායික සුබ ලාංඡනයක් හා සමානව නව ලාංඡනයක් නිර්මාණය කෙරේ.

නව වසරේ සියළු අපේක්ෂාවන් ඉටු වේවායි යන සුබ පැතුම ඉදිරිපත් කරන එම ලාංඡනයෙන් චීන ජාතික ජීවගුණයේ මූලික පදනම පාරම්පරිකව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ යුගයේ ශක්තිය ද පිළිබිඹු විය.

2025 චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගය ලබන වසරේ ජනවාරි 28වන දින එනම්, වසන්ත උත්සවයට පෙර දින රාත්‍රියේ විකාශය වේ.

Share This