2025 අයවැය කතාව සිදු කෙරෙන පෙබරවාරි 17 වෙනිදා

2025 අයවැය කතාව සිදු කෙරෙන පෙබරවාරි 17 වෙනිදා

2025 අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එහි දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිතයි.

අයවැය තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

Share This